News Editor

News Editor

සංශෝධන අවශ්‍ය නම් 18දා රෑ 12ට පෙර පමණයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රයන්හි යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් මේ මස 18 වැනිදා මධ්‍යම රාත්‍රී 12 ට පෙර සිදු කළ යුතු යැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අපේක්ෂකයන්ට දැනුම් දෙයි. සියලුම…

ඉහළ ගිය නිල සංචිත වත්කම්

2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. එහිදී 2024 සැප්තැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන…

අවු: 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනමකට ඔස්ට්‍රේලියාවේ අවධානය

ලොවටම ආදර්ශයක් සපයමින් අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍යජාල තහනම් නීතියක් හඳුන්වා දෙන බව ඔස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔස්ට්‍රේලියානු අගමැති අන්ටෝනි ඇල්බනිස් ප්‍රකාශ කර ඇත්තේ යෝජිත නීතිමාලාව ලබන සතියේදී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය. ඔස්ට්‍රේලියානු…

ලොව ආකර්ෂණීයම සංචාරක දූපත ශ්‍රී ලංකාවයි-Reader Travel Awards රන් සම්මානයත් හිමි වෙයි

ලොව ආකර්ෂණීය සංචාරක දූපතක් වශයෙන් යළිත් වරක් තහවුරු කරමින් එක්සත් රාජධානියේ ජනප්‍රියතම සංචාරක සඟරාව වන Wanderlust විසින් සංවිධානය කරන Wanderlust Reader Travel Awards සම්මාන වැඩසටහනේදී ‘වඩාත් කැමැති දිවයින (Most Desirable Island) සඳහා වන රන් සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.…

ගුවන් හමුදා සාම සාධක රාජකාරියෙන් මහා භාණ්ඩාගාරයට කෝටි 3,790ක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වසරේ සිට මේ දක්වා සාම සාධක රාජකාරි සඳහා සම්බන්ධවීමෙන් රුපියල් කෝටි 3, 790ක මුදලක් (අමෙරිකානු ඩොලර් මිලියන 130 ) මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට කටයුතු කර තිබේ. මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාමේ නිලධාරීන් 20 දෙනකු…

පාස්පෝට් ගැටලුවට හේතුව ඉහළ පරිපාලනය දුන් සාවද්‍ය තොරතුරුයි-ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුවේ දී මහජනතාව මෙන්ම ජනාධිපතිවරයා පවා අසීරුතාවට පත්වූයේ දෙපාර්තමේන්තුවේ ඉහළ පරිපාලනයේ සාවද්‍ය තොරතුරු නිසා යැයි ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මහජනතාව අසීරුතාවට පත්කළ එවැනි නිලධාරීන්…

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර කාන්තාවකට දෙයි

ඇමරිකානු ජනාධිපති  මැතිවරණයෙන් තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සූසී වයිල්ස් නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ට්‍රම්ප්ගේ ප්‍රචාරක කළමනාකරු තනතුරට පත් වූ පළමු කාන්තාවද ඇය බව වාර්තා සඳහන් කරයි. වයිල්ස් ඇමරිකානු…

අමෙරිකාවට ස්වර්ණමය යුගයක්-ජයග්‍රාහී දේශනයේදී ට්‍රම්ප්ගෙන් පොරොන්දුවක්

අමෙරිකාවට ස්වර්ණමය යුගයක් අත්කර දෙන බව ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජයග්‍රාහී දේශනයේදී ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් වීමටත් පෙර ඔහු සහ රිපබ්ලිකන් පාක්ෂිකයන් ජයග්‍රහණය සැමරූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.…

කමලා හැරිස් පරාජය පිළිගනී

පළමු වතාවට කාන්තාවක් ජනපති ධුරයට පත්වීම දෙවැනි වතාවටත් මඟ හරවා ගත් ඩිමොක්‍රටික් අපේක්ෂිකා කමලා හැරිස් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගන්නා බවත්, නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතන බවත් කියමින් පෙරේදා වොෂින්ටන් නුවර හාවර්ඩ් විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී සිය පරාජිත දේශනය සිදු කළ බව විදෙස්…

අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ ඉහළට

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ සහ වෝල් ස්ට්‍රීට් මූල්‍ය වෙළෙඳපොළ මෙවැනි ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත්තේ වසර අටකට පසුව බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එමෙන්ම…