News Editor

News Editor

තෙල් බෙදුම්කරුවන්ට රුපියල් කෝටි 3,000ක් වැඩිපුර කොමිස් ගෙවීම හේතුවෙන් මහජනතාවට අමතර බරක් දරන්න වෙලා

තෙල් බෙදුම්කරුවන් සඳහා රුපියල් කෝටි 3,000කට අධික මුදලක් (රු. මිලියන 31,021.07ක්) වැඩිපුර කොමිස් ලෙස ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අනාවරණය කරයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා…

සුපිරි තරු පිලිගන්න පෙර­හරේ වැඩ පෙන්වූ ත්‍රිරෝ­ද­ක­රුවෝ අත්අ­ඩං­ගු­වට

රූප­වා­හිනී නාළි­කා­වක ලිට්ල් ස්ටාර් තර­ග­යක ජය­ග්‍රා­හි­කා­වක් පිළි­ගැ­නී­මට තලා­තු­ඔය නග­රයේ පෙරේදා (18) පැවති උත්ස­ව­ය­කදී රථ පෙළ­පා­ළියේ ගිය ත්‍රිරෝද රථ දෙකක් රෝද දෙකෙන් ගමන් කර­මින් සංද­ර්ශන පෑම හේතු කොට­ගෙන එම ත්‍රිරෝද රථ­වල රියැ­දු­රන් අප­රී­ක්ෂා­කා­රිව රිය පැද­වීමේ චෝද­නාව යටතේ තලා­තු­ඔය පොලි­සියේ රථ­වා­හන අංශයේ…

කෙහෙළිය ගෙවල් කුලියත් ගෙවා නෑ

මධ්‍යම පළාත් සභාව සතු නිවෙසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවෙස සදහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඬියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක් ගතවී ඇතත් ඒ සදහා මෙතෙක් ඔහුගෙන් නිසි ප්‍රතිචාර…

හිතවත් වැඩ පරී­ක්ෂ­ක­, තරු­ණි­යගේ මුහුණේ ඡායා­රූ­ප­ය­කට නිරු­වත බද්ධ කරලා !

මංගල යෝජ­නා­වට අක­මැති වූවා යයි උරණ වී කොළඹ ප්‍රධාන පෙළේ වෙ‍ෙළඳ ප්‍රද­ර්ශ­නා­ගා­ර­යක සේවය කළ 19 හැවි­රිදි රූමත් වෙළෙඳ සහා­යි­කා­වගේ මුහුණ යොදා නිරු­වත් ඡායා­රූ­ප­යක් බද්ධ කර අන්ත­ර්ජා­ල­යට මුදා­හැරි 36 හැවි­රිදි වැඩ පරී­ක්ෂ­ක­ව­ර­යෙක් අත්අ­ඩං­ගු­වට ගනු ලැබු­වේය. සැක­කරු සන්ත­කයේ තිබී නිරු­වත් ඡායා­රූ­පය අඩංගු…

ශ්‍රී ලංකා තානාපති කපිල ෆොන්සේකා ස්වීඩනයේ කාල් ගුස්ටාෆ් රජු බැහැදකී

ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ෆොන්සේකා මහතා ස්ටොක්හෝම්හි රාජකීය මාලිගයේදී එරට කාල් ගුස්ටාෆ් රජු විසින් පිළිගෙන තිබේ. රාජකීය මාලිගයේ පැවැති උත්කර්ෂවත් උත්සවයකින් අනතුරුව මේ පිළිගැනීම සිදුව තිබෙන අතර, එහිදී ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබපැතුම් රජු වෙත…

යළි ඉදිකෙරුණු මිහිඳු මහාසෑය මිහින්තලා නාහිමිට භාර දෙයි

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කර තිබෙන මිහිඳු මහසෑය යළි ඉදිකර නිල වශයෙන් භාර දීම ඊයේ සිදුවිය. මුළුමනින්ම ගරාවැටී නටබුන්ව තිබූ මිහින්තලාවේ මිහිඳු මහසෑය මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන්ගේ අනුශාසනා පරිදි මහමෙව්නා අසපු සංකීර්ණයේ සහ ශ්‍රද්ධා…

2024 ලෝක බුද්ධිමය කර්මාන්ත ප්‍රදර්ශනය Tianjin නගරයේ පිහිටි චීන ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී

2024 ලෝක බුද්ධිමය කර්මාන්ත ප්‍රදර්ශනය ඊයේ (20) Tianjin නගරයේ පිහිටි චීන ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ආරම්භ විය. කෘත්‍රිම බුද්ධිය, බුද්ධිමය තාක්ෂණය සහිත මෝටර් රථ, වෙනත් බුද්ධිමය නිෂ්පාදන සහ රොබෝවරුන් ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර දහයකින් සමන්විත ප්‍රදර්ශනයට සමගාමීව විවිධ තරගාවලි ද පැවැත්වේ.…

මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරිම් ජනාධිපති ජේෂ්ඨ උපදේශක හා ගුවන් හමුදාධිපතිගේ නිරික්ෂණයට ලක්වේ.

රුහුණු මහා කතරගම දේවාලයේ මුල්‍ය අනුග්‍රහකත්වයෙන් හා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකරනු ලබන නව සිව්මහල් ළමා වාටිටු සංකිර්ණයේ ඉදිකිරිමි කටයුතු පිළිබද නිරික්ෂණය කිරිම සදහා ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල…

පොසොන් උත්සවයට ආරක්ෂක වැඩපිළිවෙළක් 

පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පොසොන් කලාප 322ක්, තොරණ 296ක්, දන්සල් 4600කට ආසන්න ප්‍රමාණයක් ඇතුළු 6000කට ආසන්න උත්සව ප්‍රමාණයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. මීට සමගාමීව දිවයින පුරා විහාරස්ථාන 11,100කට ආසන්න ප්‍රමාණයක විවිධ ආගමික වතාවත් සංවිධානය කර ඇතැයි ද…

රාජකාරියට ගිය පොලිස් නිලධාරීන්ට බල්ලා උසිගැන්වූ පුද්ගලයාට වෙඩි

මීතොටමුල්ල, වඩුගොඩවත්තේ කසිප්පු ජාවාරම්කරුවකුගේ නි‍වෙසක් පරීක්ෂා කිරීමට ගිය වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් පිරිසකට නි‍වෙසට ඇතුළුවීමට ඉඩ නොදී නි‍වෙසේ ඇතිදැඩි කරන සුනඛයාව ලිහා පොලිස් නිලධාරීන්ව සපා කෑමට සලස්වා තිබේ. මෙහිදී පොලිස් නිලධාරීන් සුනඛයාගේ සපාකෑම්වලට ලක්වන විට සුනඛයාව උසිගන්වමින් සිටි කසිප්පු ජාවාරම්කරුට පොලිසිය…