News Editor

News Editor

මාසයකදී 11.7%ක විදේශ විනිමය වැඩිවීමක්

2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. ඒ අනුව ජනවාරි සිට ඔක්තෝබර් මස දක්වා ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,431.54කි. එය පසුගිය 2023…

හක්ගල අධිරක්ෂිතයෙන් ලෝකයට නව ශාක විශේෂයක් සොයා ගැනේ

ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයාගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව තිබේ. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත නුවරඑළිය, හක්ගල දැඩි ස්වාභාවික රක්ෂිත භූමියෙන් මෙම නව ශාක විශේෂය හඳුනාගැනීමට එම පර්යේෂණ කණ්ඩායමට හැකියාව ලැබී ඇති අතර, උද්භිද විද්‍යාත්මකව…

හවසට ගිගුරුම් සහිත වැසි

අද (09) ප.ව. 1.00න් පමණ පසු මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.…

මහමැති­ව­ර­ණයේ නිල ඡන්ද පත්‍රිකා 96%ක් බෙදා අව­සන්

2024 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සිය­යට 96ක් පමණ මේ වන විට බෙදා අව­සන් බව නියෝජ්‍ය තැපැ­ල්පති රාජිත කේ. රණ­සිංහ පව­සයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැ­බුණු පුද්ග­ල­යන්ට තමා පදිංචි ප්‍රදේ­ශයේ නිල තැපැල් කාර්යාල වෙත ගොස් එය ලබා­ගත හැකි බවයි…

සරම්ප නැවත ව්‍යාප්ත­වීමේ අව­දා­න­මක්-දිස්ත්‍රික්ක 12ක් මුල්ක­ර­ගෙන සරම්ප – රුබෙල්ලා එන්න­ත්ක­රණ වැඩ­ස­ට­හන අද ඇරැඹේ

මෙර­ටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්ත­වීමේ අව­දා­න­මක් පව­තින නිසා දිස්ත්‍රික්ක 12ක් මුල් කර ගනි­මින් සරම්ප – රුබෙල්ලා එන්න­ත්ක­රණ වැඩ­ස­ට­හන අද (08) සිට සති 4 ක් පුරා­වට ක්‍රියා­වට නැංවී­මට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය සැල­සුම් කර තිබේ. පසු­ගිය 04 වැනිදා සිට 09 වැනිදා…

බල­පත්‍ර ගැට­ලුව උග්‍ර වෙයි පෞද්ග­ලික ඔසු­සල් දහස් ගණ­නක් වැසී යෑමේ අව­දා­න­මක්

පෞද්ග­ලික ඔසු­සල් පව­ත්වා­ගෙන යෑම සඳහා ජාතික ඖෂධ නියා­මන අධි­කා­රි­යෙන් ලබා­දෙන බල­පත්‍ර සම්බ­න්ධ­යෙන් ගොඩ­නැඟී ඇති ගැට­ලු­කාරී තත්ත්වය හේතු­වෙන් පෞද්ග­ලික ඔසු­සල් දහස් ගණ­නක් ජන­වාරි මස වන විට වැසී යෑමේ අව­දා­න­මක් පව­තින බව සමස්ත ලංකා පෞද්ග­ලික ඖෂ­ධ­ශාලා හිමි­යන්ගේ සංග­මය පව­සයි. වසර 10 කට…

ත්‍රස්ත­වා­දය සහ මුදල් විශු­ද්ධි­ක­ර­ණය මඬින්න දේශීය-විදේශීය ආය­තන මහ බැංකුව සමඟ අව­බෝ­ධ­තා­ව­කට එයි

මෙරට මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළ­ක්වීම සහ ත්‍රස්ත­වා­ද­යට මුදල් සැප­යීම මැඬ­පැ­වැ­ත්වීම සඳහා වූ වැඩ­පි­ළි­වෙළ ශක්ති­මත් කිරී­මට දේශීය ආය­තන 16ක් සහ විදේ­ශීය ආය­තන 45ක් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒක­කය අව­බෝ­ධතා ගිවි­සු­ම්ව­ලට එළඹ තිබේ. මුදල් විශු­ද්ධි­ක­ර­ණය, ත්‍රස්ත­වා­දීන්ට මුදල් සැප­යීම සහ ඒ…

ක්‍රිකට් පිටි­යේදී නාය­ක­යාට ඇඟිල්ල දිගු­කොට බැණ වැදුණු අල්සා­රිට තරග 2ක් තහ­නම්

එංග­ල­න්තය සමඟ පැවැති තුන්වැනි එක්දින තර­ග­යේදී බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක ෂායි හෝප් සමඟ ඇති වූ වචන හුව­මා­රු­ව­කින් පසු කෝප­යට පත් වේග පන්දු යවන අල්සාරි ජෝසප් නාය­ක­යාට ප්‍රසි­ද්ධියේ ඇඟිල්ල දිගු­කොට බැණ­වැදී පිටි­යෙන් ඉව­තට යෑමට එරෙ­හිව කොදෙව් ක්‍රිකට් ආය­ත­නය අල්සාරි ජෝසප්ට…

මොහො­මඩ් නබි එක්දින පිටි­යෙන් සමු­ගැ­නී­මට තීර­ණය කරයි

ඇෆ්ග­නි­ස්ථා­නයේ සුපිරි තුන් ඉරි­යව් ක්‍රීඩක මොහො­මඩ් නබි එළ­ඹෙන චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යෙන් පසු එක්දින ක්‍රිකට් පිටි­යෙන් සමු­ගැ­නී­මට තීර­ණය කරයි. නබි ඔහුගේ තීර­ණය ඇෆ්ග­නි­ස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩ­ල­යට දන්වා ඇත. 39 හැවි­රිදි මොහො­මඩ් නබි 2019 වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටි­යෙන් සමු­ග­ත්තේය. එහෙත් තව­මත්…

ලංකා ටී10 තර­ගා­ව­ලිය පල්ලෙ­කැ­ලේදී

මෙර­ටදී ප්‍රථ­ම­ව­රට පැවැ­ත්වෙන ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලිය පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය කට­යුතු යොදා තිබේ. මේ තර­ගා­ව­ලිය කණ්ඩා­යම් 6කගේ සහ­භා­ගි­ත්ව­යෙන් ලබන මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැ­ත්වී­මට නිය­මි­තය. දේශීය ක්‍රීඩ­ක­යන් මෙන්ම ජාත්‍ය­න්තර…