News Editor

News Editor

මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දුන් බවට සැක නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක්ව නාවික හමුදා පොලිස් අත්අඩංගුවට.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර සහ අනුබල දුන් බවට සැකකෙරෙන නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක්ව අද (30) නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ දීර්ඝ අභ්‍යන්තර පරීෂණයකින් අනතුරුව මෙම අත්අඩංගුවට…

ආර්. සම්පන්දන් මැතිතුමා අභාවප්‍රාප්ත වෙයි.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 91 වන වියේ පසු වුණා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්තවී ඇති බවයි වාර්තා වෙන්නේ. 

IOC ඉන්ධන මිල අඩු කෙරේ.

ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (‍01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිලට සමාන වන අයුරින් සංශෝධනය කරන බවයි එම සමාගම වැඩිදුරටත්…

CEYPETCO ඉන්ධන මිල අඩු කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය  කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්. * පෙට්‍රල් 92 – රු. 11 කින් (නව මිල රු.344) * පෙට්‍රල්…

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

රාත්‍රි තැපැල් දුම්රිය පීලි පැනීමෙන් ඇනහිට තිබු උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, පීලි පැනීමට ලක් වු දුම්රියේ එන්ජිම නාවලපිටිය සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් පීලිගත කිරිමෙන් අනතුරුව එම…

සජිත් ආරම්භ කල නවතා දැමූ නිවාසවලට අනුමැතිය

සජිත් ප්‍රේමදාස මහතා ආරම්භ කල, අතරමග නවතා දැමූ නිවාස ව්‍යාපෘතිවල වැඩකටයුතු අවසන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015 – 2019 කාලවකවානුව තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් සැමට සෙවණ…

නියං සමයේ නොයෙක් ප්‍රදේශ වලින් පැමිණෙන අලි ඇතුන්ගේ වාර්ෂික හස්ති හමුව මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල පැවැත්වේ !

ආසියානු අලි ඇතුන්ගේ ලොව විශාලතම ස්වභාවික එකතුව නොහොත් ‘මහා හස්ති හමුව’ පිළිබඳ දැනුම්වත් කිරීම සහ සංරක්ෂණය අරමුණු කරගත් වැඩසටහනක් වන ‘The Gathering of Giants’ වැඩසටහන සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) විසින් 2024 අගෝස්තු 9 වැනිදා සිට 11…

ජනපති කඳාන සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු සොයා බලයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරුවේ කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණ එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය. කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය කොළඹ අගරදගුරු පදවියේ වැඩිම කතෝලික ජනතාවක් පැමිණෙන සිද්ධස්ථානයක් වන අතර එහි වාර්ෂික මංගල්‍යයට දිවයින පුරා…

අද කාලගුණ නිවේදනය

අද (29) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි…

රංගේ බණ්ඩාරගේ පුත්‍රයා රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (29) අලුයම 4.30 පමණ කරුවලගස්වැව, 07 කණුව, මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක…