News Editor

News Editor

වනිඳු T20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ බව නිවේදනය කර තිබෙනවා.

ඉන්දීය ධීවරයින් පිරිසක් මෙරට මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට.

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (11) අළුයම් කාලයේදී ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික…

දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත් කිරීමේ ලිපි නිකුත් කළා – ප්‍රවාහන ඇමති

වෘත්තීය සමිති ත්‍රස්තවාදයට හිස නැමීමට රජය සූදානම් නොමැති බව ප්‍රවාහන අමාත්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කර ඇති අවස්ථාවක සේවයට වාර්තා නොකර වර්ජනය කළ සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (11) සිට සේවය හැර ගියා සේ සලකා…

මේ දවස් දෙක තුනේ තියන වැඩ වර්ජන මෙහෙයවන්නේ අපි නෙවෙයි රනිල් – සුනිල් හඳුන්නෙත්ති

මෙම දින කිහිපයේ පවතින වැඩ වර්ජනය මෙහෙය වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා. පිරිසකට පමණක් වැටුප් වැඩි කිරීමක් ලබාදී, තවත් පිරිසකට ගැටලුවක් ඇති කළ බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.…

“ඩාලි ” නිළ සුනඛයාගේ සහය ලබා ගනිමින් පොලිස් නිලධාරීන් බේරුවල වරායේ මත්ද්‍රව්‍ය සොයයි

යුක්තිය මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය සෙවීමේ විශේෂ පරීක්ෂාවක් කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය මගින් බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී සිදු කර තිබෙයි. කළුතර පොලිස් විද්‍යාලයේ “ඩාලි ” නිළ සුනඛයාගේ සහය ලබා ගනිමින් පොලිස් නිලධාරීන් ධීවර යාත්‍රා පරීක්ෂා කර ඇත. කළුතර කොට්ඨාශ භාර…

කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනපති අතින් ජනතා අයිතියට

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 5278 ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (11) විවෘත කෙරිණි . දෛනික දුම්රිය ගමන්වාර…

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.7ක් ලෙස සටහන් වන බවයි සඳහන් වෙන්නේ.

නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස නම් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඔහු පසුගියදා වැඩබලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම්දී තිබුණා.

වර්ජනය දින රාජකාරියට පැමිණි ගුරුවරුන්ට පමණක් වැටුප් වැඩි වන ආකාරය – ඇමති බන්දුල

වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ ගුරුවරුන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (10) පැහැදිලි කළා. ඒ අනුව 3.1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525කින්, 2 වන ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රු 1,335කින්, පළමු ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා…

පෙරහැර බලන්න ආ කාන්තාවන් දෙදෙනකුට කෝපි බොන්න දී භාණ්ඩ පැහැරගෙන.

මඩකලපුව සිට කතරගම ඇසළ පෙරහැර නැරඹීමට පැමිණි කාන්තාවන් දෙදෙනකුට කතරගම පූජා භූමියේ පිහිටි මුස්ලිම් පල්ලියේදී නාඳුනන පුද්ගලයකු කෝපි කෝප්පයක් පානය කිරීමටදී නින්ද යාමෙන් පසු මුදල් රන්බඩු පැහැර ගෙන ගොස් ඇතැයි කතරගම පොලිසිය පවසනවා. අදාළ කාන්තාවන් දෙදෙනා සිහි මඳ ගතිය, ක්ලාන්තය,…