News Editor

News Editor

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 – ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 15 වනදා නාමයෝජනා භාරගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. එසේම සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්. 

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම අද

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අද (26) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය නකුත් කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

අද කාලගුණ නිවේදනය

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (26) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි…

අහිතකර දුම් පිටවන වාහන 93ක් අසාදු ලේඛණගත කෙරේ

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛණගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. මහජනතාවගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අදාළ වාහන අසාදු ලේඛනගත කර ඇති බවයි එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ සඳහන් කළේ. යම් වාහනයක් අහිතකර…

ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය හෙට ඇරඹේ

2024 පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය හෙට (26) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂාවෙන් පූර්ව මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු රැස්කිරීම සහ ඒ මැතිවරණ ක්‍රියාවලියට බාධා වන සියලු කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම මෙම මධ්‍යස්ථානයෙන්…

22 වන සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – ගාමිණී වලේබොඩ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසනවා. ඒ අනුව හෙටට එය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර දින 7 ක් සම්පූර්ණ වන බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කිසිඳු බාධාවක් නොමැති බවයි…

කෙහෙළිය රඹුක්වැල්ල අගෝස්තු 08 දක්වා යළි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අගෝස්තු 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ. නියෝග කර තිබෙනවා. ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අද යළි කඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය එම නියෝගය නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම හෙට

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26) ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව එයින් ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය හෙට…

මැතිවරණ කොමිෂන් සභාවේ තීරණාත්මක රැස්වීම ආරම්භ වෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ තීරණාත්මක රැස්වීම මේ වන විට ආරම්භවී තිබෙනවා. ඒ අනුව ජනධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හා එහි දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

වෛද්‍ය කපිල වික්‍රමනායක ඇපමත මුදා හැරීමට නියෝග කෙරේ

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සුදුසු කොන්දේසි මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (25) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබෙනවා. වෛද්‍ය කපිල වික්‍රමනායක විසින්…