News Editor

News Editor

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම්දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉරානයේ සහ ලෝකයේ ඇති විය හැකි තත්ත්වයන්ගෙන් එල්ල වන බලපෑම්වලට මුහුණදෙන්න ජනපතිගෙන් කමිටු තුනක්

ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටු 03ක් පත් කර තිබෙනවා. ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි…

ශ්‍රී ලංකා-පාකිස්තාන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල සත්වැනි වටය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන කටයුතුවල සත්වැනි වටය ඊයේ(30) ඉස්ලාමාබාද් නුවර පාකිස්තාන විදේශ අමාත්‍යාංශයේදී සාර්ථකව අවසන් විය. මෙම උපදේශන කටයුතු වසර තුනකට වැඩි කාල පරතරයකට පසුව පවත්වනු ලැබූ අතර, එහි සයවැනි වටය 2020 දෙසැම්බර් මාසයේදී මාර්ගගත ක්‍රමය…

තැපැල් ඡන්ද අයදුම්පත් භාාරගැනීමේ අවසන් දිනය ලබන 5 වැනිදා

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා ඒ අනුව ලබන 5 වැනිදා තැපැල් ඡන්ද අයදුම්පත් භාාරගැනීම අවසන් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ

කියුබාව “ත්‍රස්තවාදීන්ට සහාය දෙන රටවල්” ලැයිස්තුවෙන් ඉවත් කරන්න -එක්සත් ජාතීන් අමෙරිකාවෙන් ඉල්ලයි

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නම් කර ඇති “ත්‍රස්තවාදීන්ට සහාය දෙන රටවල්” ලයිස්තුවෙන් කියුබාව ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන විශේෂඥයින් තිදෙනෙක් අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්. අමෙරිකාව 2021 වසරේ…

ජනාධිපතිවරණයේදී ප්‍රසන්නගේ සහය කාටද? – මහින්දට ලිපියකින් දන්වයි

එළැඹෙන ජනාධිපතිවරණයේ දී සිය සහාය දක්වන්නේ කවර අපේක්ෂකයාට ද යන්න පිළිබඳව ප්‍රසන්න රණතුංග මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියකින් දැනුම්දී තිබෙනවා ඒ අනුව පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගත් තීරණය පොහොට්ටු පාක්ෂිකයින් බහුතරයකගේ අපේක්ෂාව හෝ එය පක්ෂය ගැන සිතා…

යුද හමුදා අන්තර් රෙජිමේන්තු රගර් තරගවලියේ ජය සන්නාහ සන්නද්ධ බලකායට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 15ක සහාභාගිත්වයෙන් ජුනි මාස 11 වැනිදා අරම්භ යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු රගර් තරගාවලියේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණඩායම සහ ගජබා රෙජිමේන්තු කණ්ඩායම අතර කොළඹ තුරග තරග පිටියේදී ඊයේ(30) පැවැත්වුණි. ඒ යුද…

ජනපතිගේ සහයට තවත් 116 ක් එකතු වන බව තහවුරු කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවට අද (31) රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු  මහජන නියෝජිතයන්  116 ක්  සඵත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

වියට්නාමයේ ගල් අඟුරු පතලක් කඩා වැටී 5 දෙනෙකු මරුට

වියට්නාමයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. පැවතුණ අධික වර්ෂාපතනයත් සමග එම පතල කඩා වැටීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වර්ෂාපතනය හේතුවෙන් පතල අවට ප්‍රදේශයේ ජල ගැලීම් තත්ත්වයක් ද හටගෙන ඇති අතර තවත් නාය…