News Editor

News Editor

වෘත්තීය පුහුණු පාඨමාලාවලට අයදුම්පත් කැඳවයි

කොළඹ මහ නගර සභාවට අයත් මහජන ආධාර දෙපාර්තමේන්තුව යටතේ වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කර තිබේ. මේ පාඨමාලා නොමිලේ පැවැත්වෙන අතර සහතිකපත් පිරිනැමේ. අවුරුදු 17ත් – 35ත් අතර තරුණ තරුණියන්ට අයදුම්පත් නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුවෙන් හා පුහුණු මධ්‍යස්ථානවලින් ලබා ගත…

සියලු දිස්ත්‍රික්කවලට තරග කළා නම් අපටත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක්-කොළඹ දිස්ත්‍රික් හිටපු අපේක්ෂක ඉවාන් හේමචන්ද්‍රන්

මහමැතිවරණයේ දී එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය සියලු දිස්ත්‍රික්වලට තරග කළේ නම් නියත වශයෙන් ම ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි කර ගැනීමට අවස්ථාව තිබුණු බව පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් හිටපු අපේක්ෂක ඉවාන් හේමචන්ද්‍රන් මහතා පැවැසීය. ඉදිරි දේශපාලන සැලසුම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස්…

වී පොහොර සහනාධාර කෝටි 129ක් ගොවි ගිණුම්වලට

වී ගොවීන් සඳහා රජයේ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට රුපියල් කෝටි 129.2ක මුදලක් ගොවි ගිණුම් වෙත බැර කර තිබෙන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා අවධාරණය කරයි. මෙම මුදල් දිස්ත්‍රික්ක 22ක වී ගොවීන් එක්ලක්ෂ…

ජනාධිපති කාර්යාලය බලන්න ආපු දරුවන්

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන් ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා අද (19) පැමිණියහ. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇති මෙම වැඩසටහන තුළින් දිවයිනේ පාසල්…

අමාත්‍යාංශ නව ලේකම්වරු පත්කෙරේ

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදු කෙරිණි. එම නාම ලේඛනය මෙසේය : 01. අග්‍රාමාත්‍ය ලේකම් – ජී.පී සපුතන්ත්‍රී මහතා02.…

21 පාර්ලිමේන්තු එන මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම් දීමක්

දසවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා පෙ.ව 9.00 පමණ වන විට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සියලු මන්ත්‍රීවරයන්ට දැනුම් දෙයි ලබන 21 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 10.00 ට ආරම්භවීමට නියමිත දසවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා සහභාගීවීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සියලු දෙනා පෙ.ව 9.00…

නව පාර්ලිමේන්තුවේ සභානායක හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පත් කෙරේ

10වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්කර තිබේ. මේ අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතායි. බිමල් රත්නායක මහතා නව ආණ්ඩුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන…

වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ අරඹයි

නව රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යධූරයෙන් පිදුම් ලැබු වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අද (19) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාර ගන්නා ලදී. සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාරගැනීමෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ජනතාව විශාල බලාපොරොත්තුවක්…

රුහුණු සරසවියේ ආචාර්යවරු සහ අනධ්‍යන සංගම් වර්ජනයක

රුහුණු විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යන සංගම් අද (19) සිට වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා එම තනතුරින් ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි. පෙරවරු 09ට වර්ජනය ආරම්භ කල අධ්‍යයන සහ අනධ්‍යන සංගම්, මේ වන…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තොරතුරු කවුළුවක්

දස වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (19) සහ හෙට (20) තොරතුරු කවුළුවක් ස්ථාපිත කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පවසයි. ඇය පවසන්නේ අද සහ හෙට පෙරවරු 09.30 සිට පස්වරු 3.30…