News Editor

News Editor

ඇඹුල්දෙණියට වසර 2කට පසු ටෙස්ට් පිලේ දොර ඇරේ

සතියකින් පසු ආරම්භවන දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට ලසිත් ඇඹුල්දෙණිය හා කසුන් රාජිත කැඳවා ඇත. ඇඹුල්දෙණිය ටෙස්ට් සංචිතයට කැඳවා ඇත්තේ වසර 2කට පසුවීම විශේෂත්වයකි. 2022 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහි ගාලු ටෙස්ට් තරගයෙන් පසු ඇඹුල්දෙණියට ටෙස්ට් සංචිතයේ ස්ථානය…

තරුණ ඔලිම්පික් (2026) සහ ඔලිම්පික් (2028) තරගාවලිය

තරුණ ඔලිම්පික් (2026) සහ ඔලිම්පික් (2028) තරගාවලියට දුනු විදීමේ ඉසව්වෙන් සහභාගි වීමට නියමිත ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම සඳහා ලොව අංක එකේ දුනු විදීමේ පුහුණුකරු දකුණු කොරියානු ජාතික කිම් හයොං මහතා පසුගියදා කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණියේය. ඔහුගේ බිරිය…

කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර රාජකාරි අරඹයි

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වූ තිලකා ජයසුන්දර මහත්මිය අද (20) අමාත්‍යාංශයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළාය. ඇය මීට පෙරද 2022 වසරේ සිට 2024 වසර දක්වා අවුරුදු 2ක කාලයක් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය හොබවමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතිය…

හරින් ඇප මත නිදහස් කෙරේ

අද (20) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කර තිබේ. බදුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් මත හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ. මැතිවරණ…

ශ්‍රී ලංකාව සයිබර් ආරක්ෂණ අංශයෙන් ඉදිරිගාමී රටක් ලෙස ජාත්‍යන්තර ඇගයුමට

ශ්‍රී ලංකාව සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටින රටක්ලෙස ජාත්‍යන්තර ඇගයුමට ලක්වේ. ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකය (The Global Cybersecurity Index -GCI) 2024 වසරේ වාර්තාවෙන්,ශ්‍රී ලංකාව මෙසේ ඇගයුමට ලක්කර ඇති බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසයි. 2015 දී ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය…

විදේශ කටයුතු ලේකම් අරුණි සිය ධුරයේ රාජකාරී අරඹයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අභිනව ලේකම්වරිය ලෙස අරුණි රණරාජා මහත්මිය පත් කරනු ලැබීමෙන් අනතුරුව ඊයේ(19) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඇය සිය ධුරයේ වැඩ භාර ගත්තාය. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.…

මුදල් අමාත්‍යාංශ ලේකම් වැඩභාර ගනියි

මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් වූ කේ.එච්.මහින්ද සිරිවර්ධන මහතා අද (20)  සිය ධුරයේ වැඩභාර ගෙන තිබෙයි. ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව / ඉන්දියාව / බංග්ලාදේශය සහ භූතානය සදහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු…

රුහුණු සරසවියේ වර්ජනය දෙවන දිනටත්

රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය සංගම් එක්ව ආරම්භ කළ වර්ජනය අද(20) දෙවන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේන මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් ඊයේ (19)…

පිල්ලෙයාන් CID එයි

හිටපු අමාත්‍ය සිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (20) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙයි. ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහනේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

උත්සව සමයේ විශේෂ වැටලීම් – පාරිභෝගිකයින්ට ගැටලු දැනුම් දිය හැකි අංකයකුත්

උත්සව සමය කේන්ද්‍ර කර ගනිමින් ලබන 25 වැනිදා සිට දීප ව්‍යාප්තව විශේෂ වැටලීම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. සුපිරි වෙළෙඳසැල් , සිල්ලර වෙළෙඳසැල් , ජංගම ව්‍යාපාරික ස්ථාන එම කාලසීමාව තුළ පරීක්ෂා කිරීමට නියමිතය. අත්‍යවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇඳුම් පැළදුම්,…