News Editor

News Editor

ජනපති රනිල් සමග සාකච්ඡාවක් තිබුණේ නැහැ -මහින්ද රාජපක්ෂ

තමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (01) රාත්‍රියේදී විශේෂ සාකච්ඡාවක් පැවති බවට පළවන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්ව ඇති මෙවන් වකවානුවක දේශපාලන අරමුණු අරඹයා මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීමෙන්…

පොල් හා තැඹිලි වගාවේ ව්‍යාප්ත වන සුදුමැස්සා මර්දනයට පියවර

පොල් හා තැඹිලි වගාවේ ව්‍යාප්ත වන සුදුමැස්සා මර්දනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති එන්කාර්සියා ගවුඩලෝපි (Encarcis Guadeloupae) නැමැති විලෝපිතයා අඩංගු පැකට් ලක්ෂ 03ක් මෙම වසර තුළ බෙදා හැරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය…

ලබන මාසයේ සිට සියලු රාජ්‍ය විශ්‍රාමිකයන්ට අන්තර්කාලීන දීමනාවක්

රාජ්‍ය සේවය තුළ සියලු විශ්‍රාමිකයන් වෙත දැනට ලබාදෙන රුපියල් 2,500ක දීමනාවට අමතරව රුපියල් 3,000ක් එක්කොට ලබන මාසයේ සිට රුපියල් 5500ක අන්තර්කාලීන දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය සේවක වැටුප් විෂමතා පිළිබඳ…

මැදපෙරදිග ගැටුම් වර්ධනය වුණොත් ලාංකිකයන් ගෙන්වන්න සියල්ල සූදානම්

යුධ තත්ත්වයක් හේතුවෙන් මැදපෙරදිග සිටිනා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යළි කැඳවීමට සිදුවුවහොත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින විදෙස් ප්‍රේෂණ ලැබීම ඇනහිටිනු ඇතිබවත්, එමගින් ස්ථිර ලෙසම ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට යනු ඇතිබව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කළේය. ඔහු…

වන ගහනය 30% ක සීමාවේ පවතින ලොව රටවල් තුන අතර ශ්‍රී ලංකාවත්

ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 300 වඩා පවතින සහ වන ගහනය 30% සීමාවේ  පවත්වාගෙන යන  ලොව රටවල් 3 අතර ශ්‍රී ලංකාව  පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව එලෙස වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යනු ලබන්නේ …

ඉන්දියාවේ සබ්මැරීනයක් ලංකාවට ආවේ ඇයි?

ඉන්දීය නාවික හමුදාවට අයත් ශල්කි සබ්මැරීනය සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා. ඒ සමග 40 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ද පැමිණ ඇති අතර එම සබ්මැරීනය මීටර් 64.4ක දිගකින් යුක්ත වන බවයි නාවික හමුදාව සඳහන් කළේ. ශල්කි සබ්මැරීනයේ අණදෙන නිලධාරීවරයා වශයෙන්…

රජයේ සහ බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් ගැසට්ටුවක්

2025 වසරට අදාළ වන රජයේ නිවාඩු සහ බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව ලබන වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු 26ක් යෙදී ඇති බව සඳහන්.

සීතල යුද සමයෙන් පසු හුවමාරු වූ මිනිස් ජීවිත

සීතල යුද සමයෙන් පසු රුසියාව සහ බටහිර රටවල් අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමක් ඊයේ(01) සිදු විය. එහිදී සිරකරුවන් 24 දෙනෙකුට නිදහස හිමිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ධවල මන්දිරය ප්‍රකාශ කළේ, සිරකරුවන් 16 දෙනෙකු නිදහස් කර යුරෝපයට සහ එක්සත් ජනපදයට…

අද තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා නායක චරිත අසලංක තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ක්‍රියාවට නංවන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ප්‍රශංසනීය ප්‍රතිඵල ලබාදී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල කණ්ඩායමක් ජූලි 25 වනදා සිට අගෝස්තු 2…