News Editor

News Editor

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහයත් සජිත්ට

එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය තීරණය කර තිබෙනවා. මනෝ ගනේෂන්, පී. දිගම්බරන්, වී. රාධක්‍රිෂ්ණන් ඇතුළු එම පෙරමුණේ නායකයින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මීට සුළු වේලාවකට පෙර මේ බව ප්‍රකාශ කළ…

බංග්ලාදේශයේ විපතට පත් වූවන් වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කෙරේ

බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තාවයෙන් විපතට පත්වූවන්ගේ පවුල්වලට සහ පීඩාවට පත්වූ සියලුදෙනාට බලවත් සංවේගය පළකරන බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසයි මෙම අභියෝගාත්මක අවස්ථාවේ දී බංග්ලාදේශ ජනතාව සමග හදවතින් බැඳී සිටින බවත්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සමග පවතින මිත්‍රත්වය අගය…

වාණිජ පුපුරණ ද්‍රව්‍ය ‍තොගයක් මන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ ඊයේ ( 05 ) දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සඟවා තිබූ ජෙලට්නයිට් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හැටක් (60), විදුලි නොවන ඩෙට‍නේටර් තිහක් (30), C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් තුන්සියය පනහක ප්‍රමාණයක් (350g) සමඟ එම පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට…

නාමල් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මෙහිදී ඇතිවූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පත්කර ඇති බව සඳහන්. කථානායක…

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ මිටිය විසි කිරීමෙන් නව තරග වාර්තාවක්

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පසුගිය ජුලි මස පැවැති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සෂිනි පෙරේරා සිසුවිය වයස අවුරුදු 16 න් පහළ මිටිය විසි කිරීමේ ඉසව්වෙන් මිටිය මීටර 30.42 ක් විසි කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට…

ජනපතිවරණයේ මුද්‍රණ වියදම තුන් ගුණයකින් ඉහළ නගීවි -මුද්‍රණ දෙපාර්තමේන්තුව

පසුගිය ජනාධිපතිවරණය හා සැසඳීමේදී මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා. අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හා මුද්‍රණය කරනු ලබන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ඉහළ යාම ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ…

රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය ගත් නවතම තීරණය

රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන මඟින් නියාමනය කරනු ලබන තොරතුරු, තාක්ෂණ පද්ධති සහ දත්ත ඇතුළත් කිරීමෙන් කරුණු 4ක් යටතේ කටයුතු කිරීම…

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාතික ඉහළ දැමීමට අනුමැතිය

වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතයක් පැනවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එම පොලී අනුපාතිකය 10% දක්වා ඉහළ දමා ඇත. ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කමිටුවල නිර්දේශ මත මේ වනවිට තැන්පතු සඳහා ගෙවනු ලබන…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (06) සිට 09 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙයි ඒ අනුව අද  පෙරවරු 9.30 – 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙන බවයි වාර්තා වෙයි අනතුරුව ‘ මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකර තිබෙන ලවණ…

සේවකයෙකුගේ අතුරුදහන් වීමක් නිසා දුම්රිය ප්‍රමාදයක්

දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ගේ ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකළ බව පවසමින් එම අංගනයේ සේවකයින් රාජකාරිවලින් ඉවත්ව තිබෙයි. ඒ හේතුව නිසා දුම්රිය කීපයක් ප්‍රමාදවිය හැකි බවටයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි. දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවය කරමින් සිටි මාතර…