News Editor

News Editor

මධ්‍යම පළාතේ පාසල් 1470ක ගුරුවරුන් 6,176ක හිඟයක් – මන්ත්‍රිනී රෝහිණී කවිරත්න

මධ්‍යම පළාතේ පාසල් 1470ක ඉගැන්වීම සඳහා අවශ්‍ය ගුරුවරුන් 6,176 ක හිඟයක් පවතින බවත් එම ගුරු හිඟය පියවීම සඳහා මධ්‍යම පළාත් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය වහා පියවර ගත යුතු බවත් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසූවාය. මධ්‍යම පළාතේ ගුරුවරුන්…

රේල්ලුව යළි පීල්ලට දාමු

මෙරට තුළ ජනප්‍රිය පොදු ප්‍රවාහනය බවට පත්ව තිබෙන්නේ දුම්රිය සේවයයි. හැත්තෑව දශකය අසූව දශකය තුළ දුම්රිය සේවය සාර්ථක සේවාවක් බවට පත්ව තිබුණ ද එම සාර්ථකත්වය කෙමෙන් ගිලිහී ගොස් තිබෙන අතර අද දුම්රිය කියූ සැණින් මතයකට නැඟෙන්නේ ප්‍රමාදය සහ තදබදයයි. එයට…

කැනඩාවේ මහකොමසාරිස් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර සුහද හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ කැනඩාවේ මෙරට මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අතර සුහද හමුවක් ඉකුත් 22 වැනිදා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවත්විණි. මෙම සුහද හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් කැනඩා මහකොමසාරිස්වරයා…

යාපනයේ ඩෙල්ෆ්ට් දූපතට බෝට්ටු ගමන් නවතයි

අයහපත් කාලගුණික තත්ත්වය නිසා යාපනයේ සිට ඩෙල්ෆ්ට් දූපතට බෝට්ටු ගමන් කිරීම පෙරේදා (25) සිට නතර කොට තිබේ. ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේ සාමාන්‍ය බෝට්ටු ගමන් කිරීම යාපනයේ, කුරීකඩ්ඩුවාන් ජැටියේ සිට නවතා දමා ඇතත් ඉතාම හදිසි අවස්ථාවන් සඳහා නාවික හමුදාවේ සහය…

මිථ්‍යා මතවලට එරෙහිව දියවැඩියාව පාලනයට ජනතාවගේ අවධානය යොමු විය යුතුයි-කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය කුමාර වික්‍රමසිංහ

සමාජයේ මිථ්‍යා මතවලට එරෙහිව දියවැඩියාව වැනි රෝග පාලනය කිරීම සඳහා ජනතාවගේ අවධානය යොමු විය යුතු බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව පැවසුවේ ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් කොළඹ ජාතික රෝහලේදී ඊයේ (26)…

පවතින අධික වර්ෂාව හේතුවෙන් උතුරේ පුද්ගලයන් 31,000ක් පමණ විපතට පත්වෙයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් උතුරේ පුද්ගලයන් 31,000ක් පමණ විපතට පත්ව තිබේ. මින් වැඩිම පිරිසක් විපතට පත්ව සිටින්නේ මුලතිව් ප්‍රදේශයේය. එම පවුල් සංඛ්‍යාව 4300කි. මුලතිව් නගරයට පිවිසෙන මාර්ගය ජලයෙන් යට වී තිබූ අයුරු මෙහි දැක්වේ

ජනපති දෙසැම්බරයේ ඉන්දියාවට -චීනෙනුත් ආරාධනාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන දෙසැම්බර් මාසයේ තෙවැනි සතියේදී ඉන්දියාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතය. එමෙන්ම ජනාධිපතිවරයාට චීනයේ සංචාරයකට ද ආරාධනා ලැබ තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති…

උසස් පෙළ 27-28-29 නෑ අත්හිටුවූ දවස් 3ට දෙසැ. දින තුනක්

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බස් හා දුම්රිය මාර්ගවලට පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමන කටයුතුවලට ඊයේ (26) දිනයේ දැඩි බලපෑම් එල්ල වී තිබිණි. එම පළාත්වල අ.පො.ස. උසස් පෙළට මුහුණදෙන දරු දැරියන් මේ බාධක මධ්‍යයේ සිය දිවියේ කඩඉම ජය ගැනීමට විභාග…

දේශපාලන පත්වීම් ලැබ තානාපති සේවයේ නිරත සියලු දෙනාට දෙසැම්බර් 01 දින වන විට යළි මෙරටට පැමිණෙන ලෙස දැනුම් දුන්නා- ඇමැති විජිත හේරත්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශපාලන පත්වීම් ලැබ තානාපති සේවයේ නිරත සියලු දෙනාට දෙසැම්බර් 01 දින වන විට යළි මෙරටට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පවසයි. ඥාති සම්බන්ධතා හෝ දේශපාලන හිතවත්කම්…