News Editor

News Editor

කතරගම එන බැතිමතුන්ට දැනුම්දීමක්

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය අද (13) සවස 6 සිට වසා තැබීමට තීරණය කර තිබේ. සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදුකෙරෙන චාරිත්‍ර සඳහා දේවාලය එලෙස වසා තැබෙන බව වාර්තා වේ. ඒ අනුව හෙට (14) දහවල් 1.00ට පූජා කටයුතු සඳහා…

අදත් ලංගම අතිරේක බස් යොදවයි

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සදහා අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය මත අතිරේක බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි. ඒ අනුව කොළඹ, මාකුඹුර, කඩුවෙල සහ කඩවත යන බස් පර්යන්තවලින් අද දිනයේ…

විදුලිබල මණ්ඩලයෙන් විශේෂ ඉල්ලීමක්

වහලය මත සූර්ය පද්ධති  අද (13) සිට 21වනදා දක්වා උදෑසන කාලය සහ පස්වරු 3 අතර කාලයේ ක්‍රියා විරහිත කරන ලෙස සූර්ය පැනල හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙයි. ඒ ලංකා විදුලි බල මණ්ඩලය විසිනි. පද්ධති ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම…

ස්ථාන කිහිපයකට ගිගුරුම් සහිත වැසි

මධ්‍යම, සබරගමුව, බස්නාහිර,දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි බස්නාහිර සහ වයඹ  පළාත්වලත්  ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  වෙරළබඩ ප්‍රදේශවලට…

ප්‍රවාහන සේවා ගැන තොරතුරු දැනගන්න දුරකතන අංක කිහිපයක්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අද (12) දිනයේද ක්‍රියාත්මක වේ . කෙසේවෙතත් ප්‍රවාහන බලධාරීන් සඳහන් කළේ, මේ වන විට ගම්බිම් බලා යන ජනතා⁣වගෙන් 90% ක් පමණ කොළඹින් පිටත්ව ගොස් අති බවයි.…

ලංකාවේ විශාලතම අලුත් අවුරුදු කිරිබත වැලිකඩින්

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලංකාවේ විශාලතම කිරිබත සකස් කිරීම වැලිකඩ බන්ධනාගාරයේදී අනිද්දා (14) සිදු කෙරේ. මෙම 14 වැනිදා අලුයම වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි රැඳවුවන් 40කට අධික පිරිසකගේ දායකත්වයෙන් සකස් කෙරෙන මෙම කිරිබතට සහල් කිලෝ 400ක් පමණ යොදා ගැනේ.…

රට තුළ සංහිඳියාව ඇති කරන්න රජය කැපවී සිටිනවා – අග්‍රාමාත්‍ය හරිනි

රටතුළ නිර්මාණය කරන ගැටුම් හේතුවෙන් ජනතාව තව දුරටත් දුක් විඳිය යුතු නැති බවත්, රට තුළ සංහිඳියාව ඇති කරන්න රජය කැපවී සිටින බවත්, ජනතා අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුව මෙන් රාජ්‍ය සේවයද ජනතාව වෙනුවෙන් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.…

වසර 51කට පසු යාපනයේ පැවැත් වූ මහා කුම්භාභිශේක මංගල්‍යයට අගමැතිනිය යයි

ඓතිහාසික මාවිට්ටපුරම් ශ්‍රී කන්දස්වාමි කෝවිලේ වසර 51කට පසුව පැවැතුවුණු මහා කුම්භාභිශේක මංගල්‍යයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11) පෙරවරුවේ සහභාගී විය. ස්කන්ධ කුමාර දෙවියන්ගේ පාද ස්පර්ශය ලැබූවා යැයි සැලකෙන මාවිට්ටපුරම් ශ්‍රී කන්දස්වාමි කෝවිල යාපනය ජනතාවගේ අභිමානය විදහාපාන මනරම් සිද්ධස්ථානයකි. ආගමික…

විගමණික ශ්‍රමිකයින්ට අලුත් අවුරුද්දට මුදල් දෙන බවට අසත්‍ය ප්‍රචාරයක්

විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000.00 ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මගින් සිදුකරන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බව එම කාර්යාංශය සඳහන් කරයි. විගමණික ශ්‍රමිකයින්ගේ…

මැලේසියාවේ දී විදුලි සැර වැදී ශ්‍රී ලංකික තරුණයෙක් මිය යයි

මැලේසියාවේ ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථානයක ඇති වූ ගංවතුර තත්ත්වයකදී විදුලි සැර වැදී මිය ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු සහ බල්ලෙකු සොයා ගෙන තිබෙයි. එලෙස මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි තරුණයෙක් බව වාර්තා වෙයි. මළ සිරුර වෙත ළඟාවීමට අදාළ ප්‍රදේශයේ විදුලි…