නව විදුලි සම්බන්ධතාව ලබාගැනීමේදී අයකරන ගාස්තුව වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව

නව විදුලි සබඳතාවක් ලබාගැනීමේදී අය කරගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව සම්පූර්ණ මුදලින් 25% ක් පමණ ගෙවා ඉතිරිය වාරික 10 කින් හෝ 12 කින් ගෙවීමට අවස්ථාව ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඒ සඳහා ලැබී ඇති බවත්, ඉදිරියේදී එය නිල වශයෙන් දැනුවත් කරනු ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.