රාජකීය – ශාන්ත තෝමස් 145 වැනි නිල් මහා සටන අද ඇරඹේ

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර නිල් මහ සටන ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (07) ආරම්භ වනවා.

ඒ අනුව මෙවර තරගය පැවැත්වෙන්නේ 145 වන වරටයි.

ඩී. එස්. සේනානායක අනුමස්රණ පලිහ වෙනුවෙන් අද (07) සිට ලබන 9 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගයේ ඉතිහාසගත වාර්තාව දෙවැනි වන්නේ, ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි සෙන්ට් පීටර්ස් සහ ප්‍රින්ස් ඇල්ෆර්ඩ් යන විදුහල් දෙක අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට පමණක් වීම විශේෂත්වයක්.

මෙවර සිනෙත් ජයවර්ධන කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම මෙහෙයවන්නේ මහිත් පෙරේරායි.