අදත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුක​ළ යුතු මට්ටමක

(07) දිනයේත් ප්‍රදේශ කිහිපයකට උෂ්ණත්වය අවධානය යොමු කල යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව වයඹ හා දකුණු පළාත්වලත් රත්නපුර හා මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මෙම උණුසුම් සහිත කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එබැවින් කුඩා ළමුන්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ඒ පිළිබඳව අවධානයෙන් පසු විය යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images news images