සමන් රත්නායක යළිත් අධිකරණයට හමුවට රැගෙන එයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක (06) දෙවන දිනටත් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක රහසිගත ප්‍රකාශයක් කිරීම සඳහා සූදානම් බව අධිකරණය හමුවේ පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව ඉකුත් 04 වනදා මහේස්ත්‍රාත් නිල මැදිරියේ දී පැය බාගයක පමණ කාලයක් ඔහු ප්‍රකාශයක් ලබා දී ඇති බවයි සඳහන් වුණේ.