ඉදිරියේදී VAT බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට හැකිවේවි – ජනපති

ඉදිරියේදී VAT බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට හැකිවනු ඇති බවට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද VAT බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බවයි.

හැකිළී තිබුණ ආර්ථිකය මේ වනවිට යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවද, අසීරු වුවත් දිනෙන් දින ආර්ථිකය ශක්තිමත් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.