පාවෙන සූර්ය විදුලි බලාගාර ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය

ධාරිතාව මෙගාවොට් එක බැගින් වන පාවෙන සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ජලාශය මතුපිට සහ සෙවනගල කිරිඉබ්බන්වැව ජලාශය මතුපිට ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කොරියා රජයේ සහ ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්තිය අමාත්‍යාංශය අතර අත්සන් තබා ඇති සාකච්ඡා වැඩසටහන අනුව මෙම නියමු ව්‍යාපෘති දෙක ඉදි කෙරෙන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය තුනක පමණ වාර්ෂික විදුලි ජනනයක් එක් කිරීමට හැකියාව ලැබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images