ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ලෙස සංවර්ධනය​ට කැබිනට් අනුමැතිය

ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ‌ලෙස සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැති​ය හිමිව තිබෙනවා.

ඒ අනුව ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා විනෝදාස්වාද කටයුතුවලට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස අභිලාෂ ‍ප්‍රකා​ශ කිරීම් කැඳවීම සඳහා 2023-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබූ බවයි සඳහන් වෙන්නේ.

ඒ් අනුව දියකඩනය, ගැඹුරු මගී නැංගුරම්පොළ (වාප්පුව), රැඳවුම් බැම්ම, මුහුදු තාප්පය, ඇළ මාර්ග කැණීම් සහ ඉඩම් ගොඩකිරීම් ආශ්‍රිත සමුද්‍රිය ව්‍යුහ හා ‌ගොඩකරන ලද ඉඩම්වල පසුකාලීන මිශ්‍ර සංවර්ධන කටයුතු මුල්‍ය පහසුකම් යොදවා ඉදිකර, මෙහෙයුම් කර, පවරාදීමේ පදනම මත ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය සඳහා ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස අභිලාෂ කැඳවීම/ යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images