කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම ඉවත්වීමට තීරණය කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම වන Expolanka Holdings PLC කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව Expolanka Holdings PLC හි විශාලතම කොටස් හිමියා වන ජපානයේ SG HOLDINGS GLOBAL PTE.LTD විසින් කළ ඉල්ලීමකට අනුව (01) දින රැස්වූ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණයට එළඹ ඇති බවයි එම සමාගම නිවේදනය කරන්නේ.

Expolanka Holdings PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 82.43% ක හිමිකාරීත්වය SG HOLDINGS GLOBAL PTE.LTD සතුව පවතිනවා.

අදාළ නිවේදනය පහතින්.

news images news images