මෛත්‍රී ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් කිරීමට ඒකමතිකව තීරණය කළා – රෝහණ ලක්ෂ්මන්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, දේශපාලන මණ්ඩලය, සමස්ත ලංකා කාරක සභාව ඒකමතිකව සම්මත කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එසේම මහ මැතිවරණයක් පැමිණෙන්නේ නම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවයි රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩිදුරටත් සඳහන් කළේ.