මුෂාරෆ් පක්ෂයෙන් නෙරපීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ්ව එම පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව තමන්ව පක්ෂයෙන් නෙරපීමට එරෙහිව මුෂාරෆ් මන්ත්‍රීවරයා විසින් ගොනු කළ පෙත්සමක තීන්දුව ලබාදෙමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.