හෙට සහ අනිද්දා පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙස දැනුම්දීමක්

අධික උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යා හැකි බැවින් හෙට (29) සහ අනිද්දා (01) යන දිනවල පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙසයි දැනුම්දී ඇත්තේ.

සියලුම පාසල් විදුහල්පතිවරුන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මේ වනවිටත් පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images