ජනාධිපතිවරණය සැප්තැම්බර් 18 හා ඔක්තෝබර් 18 අතර පැවැත්වෙනවා – මැතිවරණ කොමසාරිස්

ජනාධිපතිවරණය පැවැත්වීම ව්‍යවස්ථාපිත කාර්යයක් බැවින් ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාව සූදානමින් සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

මුදල් සංසරණය හා සංවර්ධන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන පසුබිමක් තුළ මුදල් සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

ඒ අනුව සැප්තැම්බර් 18 හා ඔක්තෝබර් 18 අතර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වීම⁣ට දින තීරණය කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.