හිටපු මුදල් ඇමති රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 99 හැවිරිදි වියේ පසුවූ බවයි සඳහන් වෙන්නේ.

1977 සිට 1988 දක්වා මුදල් කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වූ රොනී ද මැල් නිදහස් වෙළෙඳ ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමියෙක් ලෙසද සැලකෙනවා.