නව මැතිවරණ වියදම් නියාමන පනත ගැන දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ හමුවක්

මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳව දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ හමුවක් පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ දැනුවත් කිරීම් අද  (පෙබරවාරි 27) සහ මාර්තු 6 යන දිනවලදී සිදු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කරන්නේ.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මැතිවරණ සඳහා මුදල් වියදම් කිරීම සීමා කළ යුතු අතර, අදාළ පනතේ විධි විධාන සම්බන්ධයෙන් දේශපාලඥයින්ට නිසි අවබෝධයක් ලබාදීමේ අරමුණින් මෙම හමුව කැඳවන බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.