පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවයි

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වනදා දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවනු ලබන බවයි වාර්තා වෙන්නේ.

මුදල් ඇමති ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පරාටේ නීතිය යනු යම් දේපොළක් උකස් කර යම්කිසි අයෙක් බැංකුවකින් ණයක් ලබා ගෙන ඇති විට, ණය ලබාගත් පුද්ගලයා එම ණය ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක, අධිකරණය ක්‍රියාවලියකින් තොර ව අදළ ණය මුදල ලබා ගැනීම සඳහා උකස් කර ඇති දේපොළ බැංකුව විසින් ප්‍රසිද්ධ වෙන්දේසියක දී විකුණා දමා එම ණය ආපසු අය කර ගැනීමට බැංකුව සතු බලයයි.