රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ කියලා ජුලි මාසය වෙනකම් කියන්නේ නෑ – ගම්මන්පිල

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජනාධිපති අපේක්ෂකයෙක් ලබාගන්නා ලද අඩුම ඡන්ද සංඛාව ලබාගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ජූලි මාසය වන තෙක් ප්‍රකාශ නොකරනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජුලි මාසයට පෙර එය ප්‍රකාශ කළහොත් ආණ්ඩුව පවත්වාගෙන යාමට මන්ත්‍රීවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට නොලැබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.