රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් දැනුම්දීමක්

රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා 2016 සිට තිබූ වැටුප් විෂමතාවය එනම්, 107% වෙනුවට 92%ක් ලබා දීම පිළිබඳ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය සමිති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ භාණ්ඩාගාර නිලධාරීන් එක්ව පැවති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි පත්කරන ලද කමිටු වාර්තාව පදනම් කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කරන අතර ඉදිරි ආසන්නතම කාලසීමාවේ දී ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණ ලැබුණු පසුව ඒ අනුව කටයුතු කිරීමට අමාත්‍යාංශය ක්‍රියාකරන බ​ව වැඩිදුරටත් සඳහන්.

අදාළ නිවේදනය පහතින්.

news images