මේ ජාතික සම්මාන පිරිනැමීමට ඒ සඳහා පත් කෙරෙන තේරීම් කමිටුවේ නිර්දේශ මත, ජාතික සම්මාන පිරිනැමීමට අපේක්ෂා කරන, සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන්ගෙන් අයදුම්පත් කැඳවීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබේ.
පළාත් ආණ්ඩුකාරවරුන් සහ කැබිනට් අමාත්‍යවරුන් මඟින් ජාතික සම්මාන සඳහා නාම යෝජනා භාර ගැනීම සිදු කෙරෙන අතර, ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් තේරීම් කමිටුව පත් කෙරේ. ජනාධිපතිවරයාගේ එකඟතාව අනුව ජනාධිපති ලේකම් විසින් තේරීම් කමිටුවට සාමාජිකයන් පත් කරනු ලබන අතර, කමිටුව සම්මානලාභීන් තේරාගැනීම සිදු කෙරේ. තෝරාගන්නා ලද සම්මානලාභීන්ගේ නම් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත් කරනු ලබන අතර, පසුව නියම කරගන්නා ලද දිනයකදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සම්මාන ප්රදානය කරනු ලැබේ.
නිදහස් අනුස්මරණ දිනය, ජාතික වීර දිනය ඇතුළු සම්මාන ප්‍රදානයට සුදුසු දින ජනාධිපතිවරයාට තීරණය කළ හැකි අතර, ශ්‍රී ලාංකිකයන් නොවන පුද්ගලයන් සඳහා ජාතික සම්මාන ප්‍රදානයද සිදු කෙරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023.02.18 දිනැතිව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සටහන මඟින් ‘විශිෂ්ට කෞශල්‍යාභිමානී’ හා ‘විශිෂ්ට ජනරජ අභිමානී’ යන නව සම්මාන ද්විත්වය හඳුන්වා දීමට කටයුතු කෙරිණි. 1986 වර්ෂයේදී එවකට ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ජාතික සම්මාන හඳුන්වා දී ඇති අතර, ඉන් පසුව මේ ජාතික සම්මාන පිරිනැමීමේ පටිපාටිය සංශෝධනය කර තිබේ.