තමන් සමඟ ගැටලුව නිර්මාණය කළේ පක්ෂය තුළින්ම බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
දේශපාලනය සිදුකරන විට වහලුන් මෙන් සිටිමින් කිහිපදෙනෙකු ගන්නා තීරණවලට අනුව කටයුතු කිරීමට නොහැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඉදිරියෙදි ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට හැකි ආකාරයේ තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බවද ඔහු ප්‍රකාශ කළා.
කෙසේනමුත් පොහොට්ටුවේ රාජපක්ෂවරුන් සමඟ තමන් කිසිඳු දිනක දේශපාලනය නොකරන බවත්, රාජපක්ෂවරුන්ටද ලැජ්ජාවක් ඇත්නම් තමා සමඟ දේශපාලනයක් සිදු නොකරනු ඇති බවයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් සඳහන් කළේ.