ලබන මාසයේ සිට ප්‍රාථමික ශ්‍රේණියේ සිසුන් සඳහා නොමිලේ ආහාර වේලක් – අධ්‍යාපන අමාත්‍යාංශය

ලබන මාසයේ සිට 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සෑම පාසැල් සිසුවෙකු සඳහාම නොමිලේ ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම ආහාර වේල උදෑසන 7.30 ට ලබාදීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

සිසුන් ලක්ෂ 17ක් සඳහා මෙම ආහාර වේල ලබා දීමට නියමිත අතර, ඒ සඳහා රුපියල් බිලියන 16.6 ක මුදලක් වෙන් කර තිබෙනවා.

අමාත්‍යාංශය විසින් අනුමත ආහාර වට්ටෝරුවකට අනුව ආහාර වේල සකස් කෙරෙන බවත්,  එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අධීක්ෂණය කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.