වියළි කාලගුණයත් සමග කැලණි ග​ඟේ ජල මට්ටම පහළට

වියළි කාලගුණයත් සමග කැලණි ග​ඟේ ජල මට්ටම අඩුවෙමින් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ගඟ දිගේ ලවණ ජලය රට අභ්‍යන්තරයට ගලා ඒම ආරම්භ වී ඇති බවත්, ඉන් ජල සැපයුමට වන බාධා මග හැරවීම සඳහා කැලණි ගඟ හරහා වන තාවකාලික ලවණ බාධකයේ ඉදිකිරීම් ආරම්භ කළ බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි සඳහන් කළේ.

වියළි හා උෂ්ණාධික කාලගුණයත් සමග ජල පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බවත්, පවතින තත්ත්වය යටතේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලෙසත් ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.