පොහොට්ටුවේ 69 ලක්ෂය බිංදුවටම වැටිලා දැන් අපි ලක්ෂ තිහ හතලිහේ වගේ ඉන්නවා – එස්.බී. දිසානායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බින්දුවටම වැටී මේ වන විට නැගිටමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසනවා.

බින්දුවටම වැටී අළු මතින් නැගී සිට මේ වන විට 30% ක ආසන්නයේ ඇති බවත් ලක්ෂ 30-40 ප්‍රමාණයක රැඳී සිටින බවයි (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඉදිරි මැතිවරණයේදී බහුතරයක් ලබා ගැනීමට ඉඩකඩ සදා ගැනීමට හැකි වනු ඇති බවත්, මේ වන විට තරගයක් නිර්මාණය වී ඇති අතර ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය පහසු නොවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරණය කිසි ලෙසක කල් දැමීමට නොහැකි බවද එයට උප්පරවැට්ටි දැමීමේ හැකියාවක් නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.