පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අද පස්වරු 5.00 දක්වා සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත් (සංශෝධන), උකස් (සංශෝධන), කල්බදු මූල්‍යකරණ (සංශෝධන), දේශීය භාර ලදුපත් (සංශෝධන), සමාගම් සංශෝධන, ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම සිදු කිරීමට නියමිතයි.

එසේම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2360/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2366/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසිද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

පස්වරු 5.00 සිට 5.30 දක්වා ආණ්ඩු පාර්ශවය ගෙන එන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.