සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට කමිටුවක්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට සහ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අතර (19) පැවති සාකච්ඡාවේදී මෙම කමිටුව පත්කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

එම සාකච්ඡාවේ දී සිය වෘත්තීය ඉල්ලීම් පිළිබඳව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් අදහස් පළ කර ඇති අතර, අමාත්‍යවරයා පවසා ඇත්තේ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ ඉල්ලීම්වලට අදාළව යෝජනාවලියක් සකස් කර අමාත්‍යාංශයට ලබාදෙන ලෙසයි.

එය අධ්‍යයනය කිරීමෙන් පසු උපරිම සාධාරණත්වයක් ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය වශයෙන් කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

අදාළ නිවේදනය පහතින්.

news images