69 ලක්ෂය අඩුවෙලාද වැඩිවෙලාද කියලා බලාගන්න පුළුවන් මැතිවරණයකින් – තිස්ස කුට්ටිආරච්චි

එන ඕනෑම මැතිවරණයක් සඳහා මුහුණදීමට අවශ්‍ය පසුබිම පක්ෂයක් ලෙස සකස්කරමින් යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

69 ලක්ෂයක් ඡන්දය තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද වැඩිවී හෝ අඩුවී ඇද්ද යන්න දැන ගැනීමට හැකි වන්නේ මැතිවරණයක් පැවති පසුව බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමා දැකපු හොඳම යුගය මහින්ද රාජපක්ෂ යුගය බවත්, යුද්ධය නතර කරමින් සංවර්ධනය කරා ගියේ එම යුගයේ බවත්, මහින්ද රාජපක්ෂ යුගයෙන් නතර වූ යෂ්ටිය එතැන් සිට නොනැවතී රැගෙන යා හැකි පුද්ගලයෙක් මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.