විධායක බලතල අහෝසි කරන්නේ ඡන්ද කල් දාන්න නම් ඒකට අපි උදව් කරන්නෑ – නාමල්

විධායක බලතල අහෝසි කිරීම සිදු කරන්නේ ඡන්දය කල් දැමීමට නම් ඒ සඳහා සහයෝගය නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

කෙසේ නමුත් විධායක බලතල අහෝසි කරන්නේ නම්, මැතිවරණ ක්‍රමය ද ඒ සමඟ වෙනස් විය යුතු බවයි (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඔන්ලයින් පනත ගැන අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, සමාජ මාධ්‍ය නියාමනයක් සිදු වීම අවශ්‍ය වුවත් යම්කිසි හෙයකින් ආණ්ඩුවක් හෝ කණ්ඩායමක් සමාජ මාධ්‍ය නියාමනය කිරීම තමන්ගේ වාසියට භාවිතා කරන්නේ නම් ඊට විරුද්ධව පෙනී සිටීමට තමන් දෙවරක් නොහිතන බවයි.