ඉන්දීය ආධාර යටතේ වතු කම්කරුවන් සඳහා නිවාස

වතුකරයේ කම්කරුවන් සඳහා නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතියක තවත් අදියරක් ආරම්භ කිරීම (19) සිදුකර තිබෙනවා.

මෙම සිව්වන අදියර යටතේ දිස්ත්‍රික්ක 10ක වතු 45ක් පුරා නිවාස 1300ක් ඉදිකිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වී තිබෙනවා.