ණය ප්‍රතිව්‍යුහගතකරණය එළඹෙන ජුනි මාසයේදී අවසන් කිරීම රජයේ ඉලක්කයයි – රංජිත් සියඹලාපිටිය

මෑත කාලීනව රට මුහුණදුන් අභියෝගාත්මකම ආර්ථික කාරණාව ණය ප්‍රතිව්‍යුගතකරණය බවත්, ඉන් දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරණය මේ වන විට අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රටවල් අතර ණය සම්බන්ධයෙන් වන සාකච්ඡා මාර්තු මස අවසන් වන විට නිමාකර ගිවිසුම් ගතවීමටත්, ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා අප්‍රේල් මාසය වන විටත්, ජුනි මාසය වන විට මෙරට ගැඹුරුම ආර්ථික ප්‍රශ්නයක් වන ණය ප්‍රතිව්‍යුහගතකරණය සමපූර්ණයෙන්ම නිමා කිරීමත් ඉලක්කය බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

2022 වර්ෂයේදී ආර්ථික අර්බුධය ඇතිවන අවස්ථාව වන විට ඩොලර් බිලියන 90 ක පමණ ණය මුදලක් ගෙවීමට තිබූ බවත්, ඉන් අඩක් දේශිය ණය ලෙසත්, ඉතිරි අඩ විදේශ ණය ලෙසත් තිබූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.