රනිල් ජනාධිපති ඡන්දය නොතියා වෙට්ටු දාන්න කල්පනා කරනවා නම් එයාට වෙන්නේ ගොඩක් කළින් ගෙදර යන්න – අනුර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරණය නොපවත්වා වංගු ගැසීමට කටයුතු කරන්නේ නම් ඔහුට බොහෝ ඉක්මනින් ගෙදර යාමට සිදුවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ගෝඨාභය රජය අර්බුදයට පත්වූ අවස්ථාවේදී ප්‍රථමයෙන් අගමැති ධූරය භාර ගැනීමට සජිත් ප්‍රේමදාසට ආරාධනා කළ බවත්, ඉන් අනතුරුව සරත් ෆොන්සේකාට ආරාධනා කිරීමෙන් අනතුරුව ඔවුන් ප්‍රතික්ෂේප කිරීම නිසා අවසානයේ රනිල්ට ආරාධනා කිරීමෙන් පසුව ඔහු කැමති වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

රට විනාශ කරන විට පාලකයා ගත්තේ ජනතාවගේ පැත්ත නොව රට විනාශ කරන පුද්ගලයාගේ පැත්ත බවත් කුඩු වසංගතය පැතිරෙන විටද පාලකයා ගන්නේ කුඩුකාරයින්ගේ පැත්ත බවද ඔහු සඳහන් කළා.

කෙහෙළිය රඹුක්වැල්ලගේ සිදුවීමේදී පාලකයා ගත්තේ කෙහෙළිය රඹුක්වැල්ලගේ පැත්ත බවත් මෙලෙස ඉදිරියට ඇවිත් තිබෙන්නේ ජනතාවගේ වේදනාව බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.