වැලිකඩ බන්ධනාගාර රෝහල පිරීයයි

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඇඳන් 185කට ආසන්න ප්‍රමාණයක් තිබුණද එහි ප්‍රතිකාර ලබන රැඳවියන් සංඛ්‍යාව 350කට ආසන්න වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාරගත කෙරෙන රැඳවියන් සංඛ්‍යාව ඉහළ යාමද ඊට හේතුවක් බවයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක සඳහන් කළේ.

වෛද්‍ය නිර්දේශ මත පමණක් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම සිදුකරන බවත්, එසේ ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී කොළඹ ජාතික රෝහලට යොමු කරන බවයි ඔහු සඳහන් කළේ.

වෛද්‍ය නිර්දේශ නොමැතිව කිසිදු රැඳවියෙකු රෝහල්ගත නොකරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.