යුක්තිය මෙහෙයුමෙන් ඇල්ලු වාහන කිහිපයක් යලි හිමිකරුවන් වෙත භාරදෙයි

යුක්තිය මෙහෙයුම යටතේ වැලිවිට ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ඥාතියෙකු භාරයේ තිබී සැකපිට පොලිස් භාරයට ගත් බස් රථ 05 ක් ඇතුළු රථවාහන‍, අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව යළි භාරදීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

කඩුවෙල පොලිස් ස්ථානය විසින් සිය භාරයට ගත් එම රථවාහන සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාශය විසින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.

ඒ අනුව අධිකරණ නියෝගය අනුව එම වාහන භාරදීමට කටයුතු කරන බවත් එම නියෝගය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන්නේද නැතහොත් නීතිපති උපදෙස් ලබාගන්නේද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.