SL vs AFG 3rd ODI : ශ්‍රී ලංකාවට විශිෂ්ට තරඟාවලි ජයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තුන්වන හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 49 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 266 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Rahmat Shah ලකුණු 65 ක්, Azmatullah Omarzai ලකුණු 54 ක් හා Rahmanullah Gurbaz ලකුණු 48 ක් සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රමෝද් මදුෂාන් කඩුලු 3 ක්, අසිත ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 35 වන පන්දුවාරයේදී කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 91 ක් හා  විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් පැතුම් නිස්සංක ලකුණු 118 ක් ලබා ගැනීමට සමත් වූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 40 ක් ලබා ගත්තා.

ඒ අනුව තරග 3 කින් සමන්විත වූ එක්දින තරඟාවලිය තරග 3 ට 0 ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්.

news images news images news images