මං අකමැත්තෙන් හෝ ගිහිං හිඟාකෑවා ඔබට අනාගතයක් ලබලා දෙන්න – ජනපති

දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් අකමැත්තෙන් වුවත් ජාත්‍යන්තරයට ගොස් තමාට හිඟාකෑමට සිදුවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

2022 සහ 2023 වර්ෂ ගැන අමුතුවෙන් පැවසීමට දෙයක් නොමැති බවත් එම අසීරු යුගයට යාමට කිසිවෙකුත් කැමති නොවන බවයි පෙළපොත් බෙදා දීමේ ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

තමා උත්සාහ කරන්නේ අනාගතයේ එවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයෙන් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කර දීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.