SL vs BAN : බංග්ලාදේශ සංචිත​ය නම් කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 03 කින් යුත් T20 තරගාවලිය හා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා වන බංග්ලාදේශ සංචිත එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නජ්මුල් හොසේන් ශන්තෝ තරග රටා ත්‍රිත්වයේම බංග්ලාදේශ නිත්‍ය නායකයා ලෙස පත්කිරීමෙන් පසුව බංග්ලාදේශය මුහුණ දෙන පළමු තරගාවලිය මෙයයි.

සංචිත දෙක සඳහාම ක්‍රීඩකයින් 15 දෙනෙකු බැගින් නම් කිරීමට පියවර ගෙන ඇති අතර අක්ෂි රෝගී තත්ත්වයකින් සුවය ලබමින් සිටින සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් සංචිත දෙක සදහාම නම් කර නොතිබීම විශේෂත්වයක්.

අදාළ සංචිතය පහතින්.

news images