කොළඹ රථ වාහන වැරදි කළ 560 ක් CCTV මඟින් හඳුනා ගැනේ

කොළඹ නගරයේ ස්ථාපිත CCTV කැමරා පද්ධති ආශ්‍රිතව රථ වාහන වැරදි 560 ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.

අදාළ රියදුරන්ට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ.

ඒ අනුව CCTV කැමරා පද්ධති ආශ්‍රිතව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල ඉදිරියේදී තවදුරටත් විධිමත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.