සෞඛ්‍ය වෘත්තීය සමිතිවල වැඩ වර්ජනය අදත්

සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (14) දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.

වෛද්‍යවරුන්ට ලබාදෙන දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ (13) උදෑසන 06.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.