අනුර කුමාර දිසානායක සහ යුරෝපා සංගමයේ තානාපති අතර හමුවක්

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති Carmen Moreno සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක්  (13) පස්වරුවේදී සිදුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ පවතින දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වූ බවත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම මෙන්ම මැතිවරණ කල් දැමීම ගැනද අවධානයට ලක් වූ බවයි එම පක්ෂය නිවේදනය කරන්නේ.

එසේම Online Safety පනත පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර දෙපාර්ශ්වය අතර සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳවද අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

news images news images